එප්පාවල මැරයින් අල්ලන බව එස් පී කියයි


එප්පාවල නගරයේදී වීදී නාට්‍යක්  රඟ දක්වමින්  සිටි පිරිසකට හා අද මාධ්‍යවේදීයකුට ඉකුත් සිකුරාදා  පහරදී  නිදැල්ලේ සිටින උතුරුමැද පළාත් දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට බලපෑම් කරමින් අද (07) සිවිල් සංවිධාන හා මාධ්‍යවේදී එකමුතුව එප්පාවල නගරයේදී  විරෝධතාවක නිරත විය.

නිදහස් මාධ්‍ය සංසදය හා වීදියේ විරෝධය වීදී නාට්‍ය කණ්ඩායම්  පා ගමනින්  සාමාජිකයෝ එප්පාවල මහජන බැංකුව අසල සිට එප්පාවල තඹුත්තේගම හන්දිය වෙත සටන්පාඨ කියමින් ගමන් කළහ.

මැර පිරිස අත්අඩංගුවට ගන්නේ  නොගන්නේ  මන්දැයි  උද්ඝෝෂකයෝ පොලීසියේ සිට පොලිස් අධිකාරී අනිල් චන්ද්‍රසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමත් සම අධිකාරීවරයා හා මාධ්‍යවේදීන්  අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.

මාධ්‍යවේදීන් පොලිස් අධිකාරීවරයාගෙන්  ඉල්ලා සිටියේ  දේශපාලකයින් හට ගැති කම් නොකර  පොලීසියේ ගෞරවය  ආරක්ෂා කරමින්  මැරයින් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මැරයින් අත්අඩංගුවට ගන්නා බවට දුන් පොරොන්දුවත් සමඟ පිරිස පොලීසියෙන් පිටව ගියහ.

පවුල්වාදයට එරෙහිව  වීදියේ විරෝධය  යන තේමාව යටතේ  එප්පාවල නගරයේ ජනතාව දැනුම්වත් කරමින් පැවැත්වු  වීදී නාට්‍යක අවසානයේ  එම ස්ථානයට පැමිණි උතුරුමැද පළාත්  දේශපාලනඥයකුගේ මැර පිරිසක්  නාට්‍ය කණ්ඩායම් සාමාජිකයින්ට හා  ගායක ජයතිලක බණ්ඩාරට පහර දෙද්දී එය විඩියෝගත කළ තිසර සමල් සෝමරත්න මහතාටද පහර දී  ඔහුගේ කැමරාව ඇතුළු ආම්පන්න  විනාශකැර වැනසුහ.

 

 

 

DSC06754 IMG_2114 IMG_2121

ඡායාරූප- මංජුල සේනානායක