
(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීමට ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 5 ක් ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙසින් අද (28) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය .
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන් යානය මෙම එන්නත් තොගය අද (28) දහවල් 11.35 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණියේය .
මෙම එන්නත එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් ඇස්ට්‍රාසෙනිකා ආයතනය සමඟ නිපදවා සංවර්ධනය ඇති අතර ඒවා ඉන්දියාවේ මුම්බායි හි " සීරම් ඉන්ස්ටිටියුට් " ආයතනයේ නිෂ්පාදන කර ඇත.
මෙම ගුවන් යානයේ ශීතාගාරය තුළ එන්නත් ලක්ෂ 05 ක ප්‍රමාණය ඇසුරුම් 42 ක අසුරා තිබුණි . ඒවායේ මුළු බර කිලෝ ග්‍රෑම් 1,323 ක් විය.
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 20 දෙනෙකු ද ශ්‍රී ලංකාව බලා පැමිණ තිබිණි. මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑ සැනින් , කටුනායක ගුවන් තොටුපළ ආනයනය ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර ගැනීමට උත්සවයක් ද කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය සමීපයෙහි සංවිධානය කර තිබුණි .
එහිදී ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් .කේ.ජේකබ් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාර දීම සිදු කෙරුණි .
මෙම අවස්ථාවට කොවිඩ් මර්දන කටයුතු බාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ , සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග , අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ඇතුළු තවත් මෙම රෝගය මර්දනය සදහා සම්බන්ධ වන පිරිසක් ද සහභාගී වී සිටියහ .
පසුව මෙම එන්නත් තොගය විශේෂ ශීතාගාර පහසුකම් සහිත ට්‍රක් රථ කීපයකින් කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගබඩාව වෙත රැගෙන යනු ලැබීය.





