එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ කෝටි 5882 ක ණය දීලා


රංජන් කස්තුරි
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ පුද්ගලයින් 29389 දෙනෙකුට රුපියල් කෝටි 5882 ක වටිනාකමකින් යුත් ණය මුදල් ලබාදී තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.


ලංකා බැංකුව, මහජන බැංකුව සහ වෙනත් බැංකු මගින් දිවයින පුරාම නිකුත් කර තිබෙන බවද කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා කීය.


මහනුවර 1476 ක් මාතලේ 1048 ක් නුවරඑලිය 472 ක් ගාල්ල 1341 ක් හම්බන්තොට 4842 ක් ත්‍රීකුණාමලය 510 ක් මඩකලපුවර 912 ක් අනුරාධපුරය 1221 ක් සහ යාපනය 497 ක් ආදී වශයෙන් එම ණය නිකුත් කර තිබෙන බවද ඇමැතිවරයා පැවසීය.