එන්ජිම පමණක් කඩුගන්නාවට ඒම ගැන පරීක්ෂණ


මහනුවර සිට කොළඹ දක්වා අද (01) පෙරවරු 6.30 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ට ධාවනය වූ සෙකංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පිළිමතලාවේදි ගැලවියාමෙන් පසුව, දුම්රිය මැදිරි නොමැතිව එන්ජිම පමණක් කඩුගන්නාව දුම්රිය ස්ථානයට ගමන් කිරිම සම්බන්ධව දුම්රිය දෙපාර්තුමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

දුම්රියේ එන්ජිම මැදිරි වලින් ගැලවී යාමෙන් පසුත් දුම්රිය රියදුරු ඒ බව නොදැන කිලෝමීටර ගණනාවක් දුම්රිය ධාවනය කරවා තිබේ.

එය පිටත්වන අවස්ථාවේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ දුම්රිය එන්ජිමක් දුම්රිය මැදිරි වලට ඉදිරියෙන් සම්බන්ධකර තිබී ඇති අතර ඊට ඉදිරියෙන් අදාළ දුම්රියේ එන්ජිම සවිකර දුම්රිය ධාවනය කරමින් තිබියදී පිළිමතලාව දුම්රිය ස්ථානය පසුකර මද දුරක් යන අවස්ථාවේ ප්‍රධාන එන්ජිම ගැලවී ඉදිරියට ධාවනයවී තිබේ.