( සිතුම් චතුරංග)
යාපනය ,වඩමාරච්චි නැගෙනහිර මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු හයක දරුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි මරදන්කේණි පොලිසිය කියයි.
ජීවිතක්ෂයටපත් දරුවා එංගලන්තයේ ලන්ඩන් හි පදිංචිකරුවකුවන අතර ඔහු සිය මව සහ පියා සමඟ ඥාතියකුගේ මළගෙදරකට සහභාගී වීම සඳහා පසුගියදා මෙරටට පැමිණ ඇති බව පොලිසිය පැවසීය.
මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි නතරකර මළගෙදරට සහභාගීවිම සඳහා පිටත්වගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
එලෙස මුහුදේ ගිලී ජීවිතක්ෂයටපත්ව ඇත්තේ එංගලන්තයේ ,ලන්ඩන් නුවර පදිංචි පුදුකරන් ආරිෂ් නැමති වයස අවුරුදු හයක පිරිමි දරුවකුවේ.
පොලිසිය පැවසූයේ දරුවා සිටි ඥාති නිවස මුහුද අද්දර පිහිටා ඇති බවත් දරුවා කිසිවෙකුට නොපවසා මුහුදට දියනෑම සඳහා බැස ඇති බවත්ය.
මුහුදේ ඇති රළු ස්භාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇතිඅතර ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන යාපනය මරදන්කේණි රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවත් පැවසීය.

