ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හැව්ලොක් ටවුමේ හෝටලයක සංවිධානය කර තිබුණු ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුවක් නතර කරන ලෙස දුරකතන ඇමතුම් දී තර්ජනය කළ බව එහි පුහුණු උපදේශක ලෙස කටයුතු කරන ජයසිරි ජයසේකර මහතා කියයි.
මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන බව ද ඔහු පවසයි.
එම වැටමුළුව එම හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබුණත දිගින් දිගටම ආ තාර්ජන නිසා එහි නොතියා වෙනත් තැනක පැවැත්වූ බවත්, ඊට මාධ්‍යවේදීන් 40ක් පමණ සහභාගී වූ බවත් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය කියයි.
රාවය කර්තෘ මණ්ඩල උපදේෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ප්‍රධානී අමල් ජයසිංහ මහත්වරු ආරාධිත දේශන පැවැත්වූහ.
වැඩමුළුවට සහභාගී වූ මාධ්‍යවේදීන් කිහිප දෙනකුටද ඊට සහභාගී නොවන ලෙස එස් එම් එස් පණිවුඩ එවා තිබිණි.
අංක තහඩු නැති යතුරු පැදියකින් හා දෙදෙනකු වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබූ හෝටලට පාර්සලයක් විසි කර ගිය බවත්, ‘එල් ටී ටී ඊ එකට ඉඩ දෙන්න එපා‘ යනුවෙන් එහි සටහන්ව තිබූ බවත් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රකාශකයෙක් කීවේය. කඩදාසියක එතූ කළු ගලක් එහි විය.


