එදා හරි අද වැරදි වෙලා


ආරක්ෂක ලේකම් ලෙස තමා එදා ගත් තීරණ අද වැරදි යැයි කියමින් තමාට නඩු පැවරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට අද (23) පැමිණි අවස්ථාවේදීය.

තමා ගත් තීරණ වලින් රටට කිසිඳු අවැඩක් සිදුනොවූ බවද ගෝඨාභය රාජපක්ෂ පැවසුවේය.

GOTAVIS-0923-01 GOTAVIS-0923-02 GOTAVIS-0923-03