එදා අමාත්‍යංශයෙ කැමරා කැඩිලාලු


ජාතික බල සේනාවේ සභාපති මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි සඟවාගෙන සිටින බව කියමින් බොදුබල සේනාවේ හිමිවරුන් පිරිසක් අප්‍රේල් 23 වැනි දා කර්මාන්ත හා වාණිජ අමාත්‍යංශයට ඇතුළු වූ සිද්ධිය අමාත්‍යංශ සීසීටීවී කැමරාවල සටහන් වී නැතැයි එම අමාත්‍යංශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

දෘඩාංගවල තාක්ෂණික දෝෂයක් නිසා එලෙස සටහන්වී නැති බව එම කැමරා සවි කළ සමාගම දැන්වීයැයි අමාත්‍යංශය කීවේය.

බොදුබල සේනාව අමාත්‍යංශයට ඇතුළු වූ බව කියන දර්ශන විමර්ශන සඳහා ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විද්‍යුත් මාධ්‍ය කිහිපයකට නියෝග කළේය.