(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු අන්තර්ජාතික සංවිධාන මෙරට සෞඛ්‍ය සේවයේ දැනට මෙන්ම ඉදිරියට ද ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන් නිසි ඇගයීමට ලක් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම ව්‍යාපෘති සඳහා පුළුල් පහසුකම් සපයමින් නවීන තාක්ෂණයද භාවිතා කර වඩා ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි සැලැස්මක් සකස් කිරීමට පියවර ගනිමින් සිටින බව ද ජයතිස්ස මහතා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.