කෙටුම්පත් කිරීමට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විදේශගත ශ්‍රී ලංකිකයන් සමග වීඩියෝ සම්මුඛ සාකච්ඡා මාර්ගයෙන් අදහස් විමසීමට බලාපොරොත්තු වන බව ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ බහුජන අදහස් විමසීමේ කමිටු සභාපති නීතීඥ ලාල් විජේනායක මහතා සාකච්ඡාවකදී පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජනතාවට ලිඛිතව අදහස් දැක්වීමට ඇති කාලය මාර්තු 10 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජනතාවගේ අදහස් ඇතුළත් වාර්ථාව ලබන අප්‍රේල් මාසයේ දී රජයට බාර දෙන බවත් ඒ මහතා කීය.



