එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවීමේ චෝදනා යටතේ වරදකාරිය වූ ශ්‍රී ලාංකික සේවිකාවකට වසර දහයක සිර දඬුවමක් නියම කරමින් ඩුබායි අධිකරණයකින් ලබා දුන් තීන්දුව ඩුබායි අභියාචනාධිකරණය යළි තහවුරු කර ඇතැයි ඩුබායි තානාපති ආරංචි මාර්ග පවසයි.
එම කාන්තාව තමන්ට නියමවූ දඬුවම ලිහිල් කරන්නැයි ඉල්ලා ගොනු කළ ඇපෑල විභාගය කොට අවසන් කිරීමෙන් පසුව ඩුබායි අභියාචනාධිකරණය අදාළ දඬුවම තහවුරු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.
හෙරෙයින් මත් කුඩු කිලෝ ග‍්‍රෑම් 3.2 ක ප‍්‍රමාණයක් ඩුබායි සිට කුවේටයට ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පසුගිය වසරේ ජූනි 11 වැනිදා ඇය ඇතුළු තිදෙනෙක් ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

