ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා නීති යෝජනාවක් සැකසීම සඳහා එල්.ටී.ටී.ඊ හිතවාදි නීතඥවරුන් ඇතුළු දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් පිරිසක් චෙන්නායි නුවරදී සඳුදා (09) විශේෂ රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි පවසයි.
කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ නායකයා හා අන්තර්වාර ඊළාම් රාජ්‍යය නායකයා ලෙස සැලකෙන විශ්වනාදන් රුද්‍ර කුමාරන් මෙම විශේෂ රැස්වීම කැඳවා ඇතැයි ද මෙරට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්‍රශ්න කරමින් මෙම කණ්ඩායම අදාළ නීති යෝජනාව සකස් කිරීමට සූදානම් වන බවද සඳහන්වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කෙරෙන බව මෙම යෝජනාවට ඇතුළත් කර තිබෙන බවද තානාපති ආරංචි මාර්ග වලින් කියැවේ.

