කොළඹ රේගු බාරයට ගත් කන්ටේනර් දෙකක ඇත්තේ සියයට අනූහයක මධ්‍යසාර අඩංගු එතනෝල් බව කාර්මික තාක්ෂණ ආයතනය තහවුරු කර ඇතැයි කොළඹ රේගුවේ මධ්‍යම පරීක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වත්සලා නානායක්කාර මහත්මිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් මහතා හමුවේ කියා සිටියාය.
ලීටර 65100ක්වූ එම එතනෝල් තොගයේ වටිනාකම රුපියල් තුන්කෝටි දහනම ලක්ෂයකට ආසන්නයැයි ද ඇය කිවාය.
එතනෝල් ගෙන්වා ඇත්තේ මාර්තු 19වැනිදාය.
‘රෝසිං රේසිං හා සල්ෆේඩ් ටර්පන්ටයින් යනුවෙන් නම් කර එතනෝල් අනවසරයෙන් ආනයනය කර ඇත්තේ පාදුක්ක වටරැක රංග දර්ශන සමරනායක නම් පුද්ගලයෙකි.
ඇක්සිස් ඉන්කස්ට්‍රීස් පෞද්ගලික සමාගම නමින් මෙම එතනෝල් ගෙන්වා ඇතත් එම ආයතනය ඇත්තේ කොතනදැයි සැකකරු රේගුවට දන්වා නැතැයි ද අධ්‍යක්ෂවරිය කීවාය.
මේ සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාව මෙතෙක් ලැබී නැතැයි ද ඇය කීවාය.
එතනෝල් ආනයනය සපුරා තහනම් බවත්, ඒවායේ වටිනාකම අනුව අතිරේක මුදලක් රේගුවට ගෙවිය යුතු යැයි ද ඇය සඳහන් කළාය. සැකකරු ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.