එළඹෙන ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල මහතා මාධ්‍ය හමුව අමතා පිටව යද්දී විශාල පිරිසක් ඔහුට සහාය පළ කරමින් ප්‍රීති ඝෝෂා කළහ. රතිඤ්ඤා පත්තු කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවෝ සහ එජාපය ඇතුළු විපක්ෂයේ ආධාරකරුවෝ රැසක් එහි වූහ.
ඔහු වාහනයට නගිම මොහොත දක්වා ‘අපේ ජනාධිපති‘, ‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා‘ ආදී වැකි කියමින් කෑ ගැසූහ. මල්මාලා දැමූහ.
වීඩියෝ තරිදු ජයවර්ධන
වීඩියෝ ඉෂාන් සංජීව

