ජේ.ආර්.ජයවර්ධන හා පේ‍්‍රමදාස යුගවල රජරට එක්සත් ජාතික පක්ෂ බලකණුවක් වූ ඒ.එම්.එස්.අධිකාරී (80) අද (19) කොළඹදී අභාවප‍්‍රාප්ත විය.
1965 දී කැකිරාව ගම්සභාපති ලෙස දේශපාලනයට පිවිසි ඔහු ජයවර්ධන හා පේ‍්‍රමදාස ආණ්ඩුවල රජරට නියෝජනය කළ නායකයෙක් විය.
උප ඇමැති හා ඇමැති පදවි රැසක්ද ඔහු හෙබවීය.
හිටපු පළාත් සභා ඇමැතිනී රාණි අධිකාරි ඔහුගේ බිරිඳයි.

