එජාපයෙන් පිරිසක් එන බව උප ඇමැති කියයි


ඉදිරි දින කිහිපයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් කිහිප දෙනකු ආණ්ඩු පක්ෂයට එක්වන බව ප්‍රවාහණ නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා අද මාධ්‍ය හමුවක දී කීවේය.

‘මේ දිස්ත්‍රික්කයේ කිසිම කෙනෙක් ආණ්ඩුවෙන් යන්නේ නෑ.  එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අපේ ආණ්ඩුවට එනවා. පළාත් පාලන ආයතන කිහිපයක ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසකුත් ආණ්ඩුවට එනවා.

මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුණේ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයකට. මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට අහුවුණා.‘