එජාපයටත් හෙළ උරුමය රකින්න බැරිවේ


බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශ වැය ශීර්ෂය අද පරාජයට පත් විය.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා පළාත් ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් ඉදිරිපත් කැරුණු මේ වැය ශීර්ෂයට සන්ධානයේම පිරිසක් විරුද්ධව ඡන්දය දුන්හ.

එක්සත් ජාතික පක්ෂය පක්ෂව ඡන්දය දුන්නේය.

පක්ෂව ඡන්ද 23ක් ද, විපක්ෂව ඡන්ද 45ක් ද ලැබිණි.

ජනතා විමුක්ති පෙරමුණෙ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විරුද්ධව ඡන්දය දුන්නේය.

බස්නාහිර පළාත් සභා ඉතිහාසයේ වැය ශීර්ෂයක් පරාජය වූ මුල්ම අවස්ථාව මෙය බව දැනගන්නට ඇත.