එජාපයට මාතලේ පුරපති එපා වෙයි


මාතලේ මහ නගර සභාවේ අයථා පාලනය ,මුදල් නාස්තිය වැනි කරුණු නිසා එහි පාලනය විශේෂ කොමසාරිස්වරයකු යටතට පවරන්නැයි විපක්ෂ නායක ඩල්ජිත් අලුවිහාරේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ඔහුගේ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්  ඔහුගේ යෝජනාව එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ක්‍රියාත්ම කැර ගැනීමේ ප්‍රශ්නයක් ඇති බවත් මාතලේ පුරපති හිල්මි කරීම් මොහොමඩ් මහතා කීවේය.