හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ගෙන ආ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනකුට සහ මන්ත්‍රීවරියකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ පක්ෂයෙන් නෙරපීම වළක්වාලමින් එක්සත් ජාතික පක්ෂයේ උද්දේශික විනය කමිටුවට පනවා තිබූ වාරණය මැයි 28 දක්වා දීර්ඝ කිරන ලෙස ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.
පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර, අර්ල් ගුණසේකර, නිල්වලා විජේසිංහ, ලක්ෂ්මන් සෙනවිරත්න, මොහාන් ලාල් ග්‍රේරු සහ උපේක්ෂා ස්වර්ණමාලි මහත්ම මහත්මීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් අදාළ වාරණ නියෝගය ලබාදුන් ප්‍රධාන දිසා විනිසුරු එදිනට ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ද දෙපාර්ශ්වයටම නියෝග කළේය.