වයඹ පළාත් සභාවේ සභාපති තෝරා ගැනීමේ දී රජයේ අපේක්ෂකයා පරාජය කළ ආකාරයෙන් මධ්‍යම පළාත් සභාවේ ද විකල්ප කණ්ඩායම් ආණ්ඩු පක්ෂයෙන් බිහිවන ලකුණු ඇතැයි වයඹ පළාත් විපක්ෂ නායක ජී සී අලවතුවල මහතා කියයි.
විපක්ෂ අපේක්ෂකයකු වයඹ පළාත් සභාපති තරඟයට දෙදෙනකු ඉදිරිපත්ව සිටිය දී විපක්ෂය සහයෝගය දුන් ධර්මසිරි දසනායක මහතා ජය ගත්තේය.
ඔහුට එජාප සහයෝගය හා රජය ඇතුළෙන් ලැබෙන සහයෝගය ගැන ඡන්දය දී අවසන් වන තුරු කිරිවකුටත් දැනගත නොහැකි වී යැයි ද අලවතුවල මහතා පැවසීය.
වැඩ භාර ගැනීමට පෙර මහනුවර දළදා මැදුරටත් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැදුටුවේය.