එජාපය කම්කරුවන් සමග මැයි1සුගතදාස ක්‍රීඩා පිටියට


 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මැයි 01දා උදේ 10 ට මැයි දින රැලිය ආරම්භ කෙරේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී මැයි දින සැමරුමේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.

පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රමුඛත්වයෙන් මැයි දින රැළියේ සංවිධාන කටයුතු සිදු කෙරෙන අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැළියට සහභාගි වීමට නියමිත පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

කොරෝනා අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර තුනේ මැයි දින රැළි පැවැත්වූයේ නැත.