එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා නායකත්ව මණ්ඩලයෙන් අද (22) ඉල්ලා අස් විය.
අස්වීමේ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසුරිය මහතා වෙත ඉදිරිපත් කළේය.
පිටකෝට්ටේ සිරි කොත පක්ෂ මුලස්ථානයේදී අද (22) සවස 4 ට පැවැත්වෙන රැස්වීමේදී මෙම ලිපිය ගැන අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

