පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස ද නැගෙනහිර පළාත් මන්ත්‍රී දයා ගමගේ මහතා ජාතික සංවිධායක ලෙස ද එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පත් කරනු ලැබූහ. නියෝජ්‍ය නායක පත් කිරීම පසුවට කල් තැබිණි. මීට කලින් නියෝජ්‍ය නායක වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාය.
සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් ඉන් පසු එම පදවිය පිළිබඳව තීරණයක් ගත හැකි බවත් පක්ෂ ආරංචි කියයි.

