අගලවත්ත නගරයේදී ආරුමුගම් පුෂ්පකුමාර මහතාට ප්‍රසිද්ධියේ පහරදුන්නැයි කියන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදීද තවත් සිව් දෙනකු මතුගම මහේස්ත්‍රාත් උසාවියේදීද ලබන 2වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගයෙන් පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කළේය.
මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් දක්ෂිකා චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නියෝග අනුව සංජීව ප්‍රියංකර, දූවගේ ධම්මික හා ප්‍රියන්ත කුමාර යන සැකකරුවන් රිමාන්ඩ් කෙරිණි.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක ද සිල්වා





