පාර්ලිමේන්තුවේ දී තාජුඩීන් ගැන කතා කළ තමන්ට මන්ත්‍රීවරු කිහිප දෙනකු සභාගැබේ දී ම මරණ තර්ජන කිරීමෙන් තම වරප්‍රසාද කඩ වූ බවත් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය. මන්ත්‍රීවරයා පවසන්නේ මන්ත්‍රීවරු තිදෙනකු තමන්ට සිකුරාදා පහර දීමට තැත්කරමින්, තාජුඩීන් ගැන කතා නොකළ යුතුයැයි ද පවසමින් ඔවුන් මරණ තර්ජන කළ බවයි.
රහුමාන් මන්ත්‍රිවරයා මෙසේ ද කිවේය.
‘‘මා තාජුඩීන් සම්බන්ධයෙන් කතා කළාට පස්සේ මට පහර දීමට තැත්කරමින් ජොන්ස්ටන් ප්‍රාන්දු, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරු තාජුඩීන් ගැන කතා නොකළ යුතුයැයි කිවා. ඔවුන් මට මරණ තර්ජන කළා. මෙය මගේ වරප්‍රසාද කඩ කිරීමක්. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. “
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායක කරු ජයසුරිය මහතා පැවසුයේ අදාළ කාරණය වරප්‍රසාද කමිටුවට යොමුකරන අතර සති දෙකක් ඇතුළත තීරණයක් ලබාදෙන බවයි

