එජාප මන්ත්‍රී පාලිත අත් අඩංගුවට


අගලවත්තේදී සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුට ප්‍රසිද්ධියේ පහරදුන්නැයි සැකපිට පොලිසිය සොයමින් සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම පොලිසිය විසින් මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගනු ලැබීය.

කොළඹ කොටුවේ අපරාධ කොට්ඨාශ මූලස්ථානය ඉදිරිපිටදී ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.