එජාප මන්ත්‍රී ගිනි තියාගන්නා බව කියයි


වතු සේවකයන් වෙනුවෙන් සෙනසුරාදාට (19) පෙර වතු සේවක පඩි වැඩිකිරීමේදී සාමූහික ගිවිසුම අත්සන් නොකළහොත් එම ගිවිසුම අත්සන් කළයුතු හාම්පුතුන්ද බදාගෙන ගිනි තබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමෙන්තුවේදී අද (18) ප්‍රකාශ කළේය.

දැනට දිනකට ගෙවන රුපියල් 620, රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ආරමුගම් තොණ්ඩමන් මහතාගේ වතුකම්කරු සංගමය,ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු සංගම් කාලයක් තිස්සේ ඉල්ලයි.

තේ කර්මාන්තයේ විවිධ අර්බුද නිසා වැටුප් වැඩි කිරීම හාම්පුත්තු කියති.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට හයක් පැවතියද අද වනතුරු වැටුප් වැඩිකිරීම ගැන තීරණයක් ගෙන නැත