පසුගියදා ඇඹිලිපිටියේ සාදයක ඇතිවූ ගැටුමකින් මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ මරණය ගැන තොරතුරු සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවිඳු ජයවර්ධන මහතා ඇඹිලිපිටියට පැමිණියේය.
ජයවර්ධන මහතාගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සහ ඥාතීන් හමුවූ ඔහු මරණය සිදුවූ ස්ථානයටද ගියේය. සුමිත් ප්‍රසන්නගේ මරණය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් තරුණයාගේ මරණය ගැන තම කනගාටුව පළ කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

