රතුපස්වල ජල ප්‍රශ්නයේ උද්ඝෝෂණවලට සම්බන්ධ මහර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික මන්ත්‍රී ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා සිය නිවසේ සිටිය දී අද අලුයම පහරදීමට ආ පිරිසක් දෙසට වෙඩි තැබීමෙන් පසු පළාගිය බව හෙට්ටිආරච්චි මහතා මල්වතුහිරිපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඔහු සියනෑ ජල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරුය. පහර දීමට ආ බව කියන පිරිස වෙඩි තැබීමෙන් පසු ත්‍රිරෝද රියකින් පැන ගිය බවත් බලපත්‍ර සහිත තම පිස්තෝලයෙන් වෙඩි තැබූ බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වේ.

