එජාප ප්‍රා මන්ත්‍රී අමුඩෙ ගසා පන්දම අතට ගනියි


වැඩිවූ විදුලි බිලට විරෝධය පළ කරමින් ඇලයාපත්තුව මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අනුර බණ්ඩාර මහතා අමුඩයක් ගසා පන්දමක් සුරතින් ගෙන මානියම්ගමුවේ සිට ඇලයාපත්තුව ප්‍රාදේශීය සභාව දක්වා අද ගමන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන පී හැරිසන් හා චන්ද්‍රාණි බණ්ඩාරද පන්දම් රැගෙන ඔහු ද මහජනයාද සමග ගමන් කළේය.

ප්‍රදේශීය සභාව අසලදී සභාපති අනින් එහි ගේට්ටුව වසා දැමුණු අතර මන්ත්‍රීවරයාට දැන්වූයේ ඔහුගේ ඇඳුම ප්‍රාදේශීය සභා රැස්වීමට නුසුදුසු හෙයින් ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බවයි.