(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු හෙරොයින් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසියෙ දුෂණ මර්ධන අංශය මගින් අද (17 ) අත් අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පෝල්ස් මාර්ගයෙ නගර සභා නිවාස වල පදිංචි 54 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ හොරෝයින් ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම්ස් 260 කට ආසන්න ප්‍රමානයක් සොයාගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත පොලිස් නිළධාරින් විසින් රැකවල්ලා සිට මෙම සැකකාර ඒ.ජා.ප.අපේක්ෂකයා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදි මෙම හෙරෝයින් තොගය මන්ත්‍රිවරයාගේ අත රදවා ගෙන තිබු බවත් ඒ වන විටත් එය ගැනුම්කරුවකු ලබා ගැනිමට පැමිණේන තුරු බලා සිටි බවද පොලිස් නිළධාරින් පවසයි.
අදාල සැකකරු මෙයට පෙර අවස්ථා තුනකදී හෙරෝයින් සම්බන්ධ නඩු තුනක් වෙනුවෙන් බන්ධනාගාර ගතවු අයකු බවත් පොලිසිය කියයි.
ඒ සමගම හෙරෝයින් නඩුවක් සම්බන්ධයෙන් වසර 14 කට ආසන්න කාලයක් සිර දඩුවමි විදිමින් පැමින ඇති බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබි ඇති බවත් ඒ පිළිබද අනාවරණය කර ගැනිමට අදාල තොරතුරු සොයන බවද වැටලිම කල නිළධාරින් පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරු 17 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනී.
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක නිහාල් කුලතුංග මහතාගෙ උපදෙස් මත දුෂණ මර්ධන අංශයෙ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩි.එම්.ටී.පද්මකුමාර මහතා සමග පොලිස් සැරයන් 67614 නිශාන්ත මහතා වැටලිමට එක්ව තිබුනී.

