එජාප අපේක්ෂක පුතාට පිහි පහර


බස්නාහිර පළාත් හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය හමතාගේ පුතාට පිහියෙන් ඇණ ඇතැයි ද හොරණ රෝහලේ සිට ඔහු කොළඹ ජාතික රෝහලට යවා ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි. සන්ධානයේ දේශපාලන ප්‍රබලයකුගේ ආධාරකරුවන් මේ සිද්ධිය පිටුපස සිටින බව එජාප ආරංචිමාර්ග කියයි. සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. තවත් සැකකරුවන් හත්දෙනකු මිට සම්බන්ධ බව කියති. කහටපිටිය මෙවර ද එජාපයෙන් තරඟකරයි.