රනිල් වික්‍රමසිංහ විරෝධි පෙළපාළියට පසුගිය පස් වැනිදා මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදුන්නැයි සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි 51 දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදා හරින්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන් සිසිර කුමාර මහතා නියෝග කළේය.
ඒ අතර දකුණු පළාත් සභා මන්ත්‍රී ගයාන් සංජීව,චන්දන ප්‍රියන්ත ,මාතර මහ නගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත ද සිටිති.