එච්.අයි.වී ඒඩ්ස් (රෝග මර්දනයේ සහජ හැකියාව හීනවීමේ) රෝගයේ බරපතලකම ගැන මාධ්‍ය මඟින් නිරතුරුවම දැනුවත්වීම් සිදුකළද 2016 මුල් කාර්තු තුනේ දී ආසාදිත වුවන් 193 දෙනෙක් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්ධන වැඩසටහනේ ප්‍රතිකාර සඳහා පැමිණ ඇතැයි වාර්තාවේ.
පළමු කාර්තුවෙදී එචී.අයි.වී ආසාධිතයන් 68 දෙනෙක් ද දෙවන කාර්තුවේ දී 59 දෙනෙක් සහ තෙවැනි කාර්තුවේ දී රෝගීන් 66 දෙනෙක් වශයෙන් සොයාගෙන ඇත.
1986 වසරේ දී පළමු එච්.අයි.වී.ඒඩ්ස් අසාධිත රෝගියා හමු වීමෙන් පසු 2016 වසර වන විට මෙරටින් වාර්තා වී ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 4200ක පිරිසක් රෝග වාහකයන් ලෙස සමාජයේ සැරිසරන බවද සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.
වාර්ෂිකව තමාට එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට ලක්ෂ දහයක් දෙනා රුධිර පරීක්ෂාවට ලක්වන බවද වාර්තා වේ.