එච්.කිව්.අයි උසාවියෙන් සමාව ගනී


ආනුරාධපුර පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු වසන්ත සොයිසා ඝාතනය කිරීමේ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමට අධිකරණයේ පෙනී නොසිටීම ගැන අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජයපද්ම මහතා අද සවස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතාගෙන් සමාව ගත්තේය.

ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ඉරෝන් රණසිංහ නොහොත් එස් එෆ් ලොකූ ඇතුළු සැකකරුවන් 35 දෙනෙකු යළි දෙසැම්බර 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනකු  පමණක් රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළේය.

එසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ඉරෝන් රණසිංහට නවා තැන් දුන් බව කියන දෙදෙනා ය.