එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිසර ඇමති අතර හමුවක්


(යොහාන් භාසුර)

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.  

එක්සත් ජාතීන්ගේ සංවිධානය, පරිසර අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ අටක් සමඟ කටයුතු කරන බවත් එම සංවිධානය අමාත්‍යංශ සමඟ තව දුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් එම නියෝජිතයෝ පැවසූහ.

එහිදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ විදේශීය නියෝජිත ආයතන සමඟ සුහදව සහ අවබෝදයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවය.

මෙරට තුළ වර්තමානයේ පවතින වනසතුන් සහ මිනිසුන් අතර ගැටුම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ද එම අමාත්‍යංශය පැවසීය.