ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය විමසා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ තිස් හතරවැනි මහ සභා සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු රජයේ දූත පිරිසක් අද (26 වැනිදා) ජිනීවා නුවර බලා පිටත්ව ගියේය.
අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍ර ජයම්පතී වික්‍රමරත්න ,විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ අංශයේ අධ්‍යක්ෂක ජනරාල් හා අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ ඇතුළු රාජ්‍යතාන්ත්‍රක නිලධාරීහු පිරිසක් ඊට එක්වූහ. ලබන 27 වැනිදා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රධානත්වයෙන් ජිනීවාහි පිහිටි එම කවුන්සිල මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

