එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක් ලංකාවට


සුළු ජාතින්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක වන රීටා අයිසැක් මහත්මිය ලබන මස ශ්‍රී ලංකාවේ දින 10ක නිල සංචාරයක් සඳහා අද (10) දිවයිනට පැමිණෙන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය පැවසීය.

ඒ අනුව අද (10) සිට ලබන 20 වැනිදා තෙක් ඇය මෙරට රැුඳී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
රීටා අයිසැක් ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් ,ජාතික මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සහ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියක වන රීටා අයිසැක් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ස්වාධීන නිරීක්ෂකවරියක ලෙස සේවයට එක් වන්නේ 2011 වසරේ අගෝස්තු මාසයේ සිටය.