( තිළිණි ද සිල්වා )
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහසභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හෙට ( 22 ) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.
එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.
එහි ප‍්‍රධාන සැසිවාරය ලබන 25 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.
ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිවු වන අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැසිවාරයට සහභාගීවන ලෝක නායකයන් කිහිප පළක් සමඟ සහ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා අන්තෝනියෝ ගුටරෙස් , පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් සමග ද විශේෂ සාකච්ඡා පවත්වනු ලැබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මීට පෙර ස`දහන් කර තිබුණි.
එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව 24 වැනදා පැවැත්වෙන අතර ජනාධිපතුමා එම සමුළුව ද අමතා කෙටි දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපතිවරයා එදිනම පැවැත්වෙන ලෝක මත්ද්‍රව්‍ය ගැටලූව පිළිබඳ ගෝලීය කි‍්‍රයාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවට ද සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.
ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සියලූ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් ලබන 26 වැනදා පැවැත්වෙන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එම සැසියට ද එක්වීමට නියමිතය.