එක්නැලිගොඩ නඩුවට හමුදා සහය


මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට සහාය දීමට තමන් සූදානම් බව යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අංශ ප‍්‍රධානියා නීතිපතිවරයා මඟින් ඊයේ (30) අභියාචනාධිකරණයට දැන්වීය.

එක්නැලිගොඩ අධිකරණය හමුවට වහා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින්  අභියාචනාධිකරණයට ගොනු කළ හබයාස්කෝපූස් පෙත්සම ඊයේ (30) කැඳවූ අවස්ථාවේ යුද හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ වසන්ත පෙරේරා මහතා මේ බව අධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ විනිසුරු එච්.සී.ජේ.මඩවල යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන දෙසැම්බර් 08 වැනිදා හෝ ඊට පෙර ලිඛිතව අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය නියෝග කළේය.

 

IMG_0656 copy IMG_0658 copy IMG_0668 copy

 

 

ඡායාරූප හා වීඩියෝ ලහිරු හර්ෂණ