එක්නැලිගොඩ අතුරුදන් වීමට බුද්ධි අංශ නිලධාරියා සැකපිට අත්අඩංගුවට


ඉන්දිකා රාමනායක
 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රාත්‍රී යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම ලුතිනන් කර්නල්වරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට කැඳවා ඇති අතර ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව රාත්‍රී 8.30ට පමණ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අරන්ත පීරිස් නමැති ලුතිනන් කර්නල්වරයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.