ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියට සහභාගි වී එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (22 වැනිදා) වන විට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පස්වැනි ස්ථානයේ රැදී සිටී. මේ වන විට ප‍්‍රසාද ලකුණු 4882 ක් සමගින් ශ්‍රේණිගත ලකුණු 108 ක් ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉහළින් සිටින්නේ දකුණු අපි‍්‍රකාව, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ ඉන්දියාවයි.
ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින්ම සිටින ඉන්දියාව සහ එංගලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමත් 4 වැනි සහ 5 වැනි ස්ථානයේ සිටින දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමත් මෙම ශ්‍රේණිගත සටහනේ සාධාරණත්වය වඩාත් තහවුරු කරන්නකි.
ඕස්ටේ‍්‍රලියානු පිල දැනට 3 වැනි ස්ථානයේ රැුඳී සිටියද ඔවුන්ගේ වත්මන් ශ්‍රේණිගත ලකුණු 113 රැඳී ඇත්තේ බහුතරයක් අතීත දක්‍ෂතා මතය. තුන්වැනි ස්ථානයේ සිටින ඕස්ටේ‍්‍රලියාවත් පස්වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාවත් අතර පරතරය ශ්‍රේණිගත ලකුණු 5 ක් පමණි.
කෙසේ වෙතත් ඉදිරියේ එන කොදෙව් සංචාරයේදී හොඳ දස්කම් පෙන්වීමට සමත් වුවහොත් ශී‍්‍ර ලංකා පිලට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළට යා හැකිවනු ඇත.
| ස්ථානය | කණ්ඩායම | තරග | ප‍්‍රසාද ලකුණු | ශ්‍රේණිගත ලකුණු |
| 1 | ඉන්දියාව | 42 | 5127 | 122 |
| 2 | එංගලන්තය | 40 | 4578 | 114 |
| 3 | ඕස්ටේ‍්‍රලියාව | 39 | 4406 | 113 |
| 4 | දකුණු අපි‍්‍රකාව | 31 | 3436 | 111 |
| 5 | ශ්‍රී ලංකාව | 45 | 4882 | 108 |
| 6 | පාකිස්තානය | 41 | 4173 | 102 |
| 7 | නවසීලන්තය | 31 | 2738 | 88 |
| 8 | බටහිර ඉන්දීය කොදෙව් | 36 | 3161 | 88 |
| 9 | බංගලාදේශය | 25 | 1949 | 78 |
| 10 | සිම්බාබ්වේ | 19 | 966 | 51 |
| 11 | අයර්ලන්තය | 8 | 312 | 39 |
| 12 | නෙදර්ලන්තය | 5 | 69 | 14 |
| 13 | කෙන්යාව | 4 | 45 | 11 |

