ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (28) පැවැති තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) බංග්ලාදේශය කඩුලූ 3 ක ජයක් ලැබීමෙන් 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් විය.
ශ්‍රී ලංකාවේදී බංග්ලාදේශ ක‍්‍රිකට් පිල සත්කාරක ශ්‍රී ලංකා පිල පරාජය කළ පළමු අවස්ථාව ද මෙය වේ.
වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා බංග්ලාදේශ පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 27 කදී ලකුණු 183 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය. බංග්ලාදේශ පිතිකරුවෝ එම ඉලක්කය ඕවර 26 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කළහ.
ශ්‍රී ලංකා පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 302
(කුසල් ජනිත් 56, තිලකරත්න ඩිල්ෂාන් 125, කුමාර් සංගක්කාර 48, ළහිරු තිරිමාන්න නොදැවී 25, අබ්¥ර් රසාක් 62/5)
බංග්ලාදේශ පිල ඕවර 26 කදී කඩුලූ 7 ට 184
(එනමුල් හක් 40, මොහොමඞ් අෂ්රාෆුල් 29, ජහුරුල් ස්ලාම් 26, නසීර් හොසේන් නොදැවී 33, ඇන්ජලෝ මැතිව්ස් 39/2, සචිත‍්‍ර සේනානායක 26/2, ලසිත් මාලිංග 29/2)
(ඡයාරූපය: ශාන්ත රත්නායක)