ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු එක්දින තරගයේ බංග්ලාදේශ ඉනිමේ 14 වැනි ඕවරය ක‍්‍රියාත්මක වෙද්දී බඹර බියක් හේතුවෙන් පන්දු රකින්නෝ සහ පිතිකරුවෝ එකවරම බිම දිගා වීමෙන් විනාඩි දෙකක පමණ කාලයක් තරග නතර වී තිබුණි.
ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස ප‍්‍රදේශයෙන් 1000 කට අධික බඹරු රෑනක් පියාඹා යෑම නිසා මෙම බිය ඇති විය. එම බඹරු රෑන ප‍්‍රධාන ක‍්‍රීඩාගාරයේ වම් පස ප‍්‍රදේශයේ නැවතීම හේතුවෙන් එම ස්ථානයෙන් පේ‍්‍රක්‍ෂකයන් ඉවත් කිරීමට සංවිධායකයෝ පියවර ගත්හ.
කෙසේ වෙතත් විනාඩි දෙකක පමණ කාලයක් බිම දිගාවී සිටි ක‍්‍රීඩකයෝ නැගිට නැවත තරගය ආරම්භ කළහ.
(ඡයාරූප: ශාන්ත රත්නායක)