එකම පවුලේ හයක් කපා කොටා දැමෙති


අම්බලන්තොට මාමඩල අක්කර අට ප්‍රදේශයේ දි අද (19) සවස  එකම පවුලේ පුද්ගලයින් හය දෙනකු කපා කොටා දැමීමෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට හා හම්බන්තොට මහ රෝහල් වෙත ඇතුලත් කරනු ලැබ සිටිති.
මෙලෙස බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කාන්තාවන් හතරදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බව පොලිසිය කියයි.
එක් කාන්තාවකගේ දකුණු අත මැණික් කටුව ලඟින් වෙන් වන සේ කපා ඇති බවද අතේ වෙන් වූ කොටස ද රෝහලට රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති අසාද්‍ය තත්ත්වයේ පසුවන රෝගින් දෙදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර යැවීමට කටයුතු කරන බව රෝහල් ආරංචි සඳහන්  කරයි.
පවුලේ දේපල සමබන්දව ඇති වූ ආරවුල් තත්ත්වයක් මත ‍පවුලේම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මීට හේතුවී ඇතැයි සැක කරයි.