දඩල්ල මහමුදලිමාවතේ 27 හැවිරිදි තරුණියක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලිසිය කියයි. ඇගේ මව සහ සොහොයුරාද බරපතල තුවලා ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති. පොලිිසිය පවසන්නේ ඔවුන් තිදෙනාට පහරදී ඇත්තේ පොරවකින් බවයි.
ඝාතනය සිදුකළැයි කියන අසල්වැසියකු අද අලුයම ගිංතොට දී කෝච්චියට පැන සියදිවි නසාගත්තාදැයි සැකයක් පවතී. පොලිසිය පවසන්නේ දුම්රියේ හැපී මියගිය පුද්ගලයා හඳුනාගත නොහැකි තරමට ඔහුගේ හිසට හානි සිදුව ඇති බවයි.



