එකම දවසේ සුපිරි චිත්‍රපට දෙකක්


2016-09-13-ent-04

එළැඹෙන සැප්තැම්බර් 16 වැනිදා බොලිවුඩයේ සුපිරි චිත්‍රපට දෙකක් එළිදැක්වීමට නියමිතය. ඉන් එක් චිත්‍රපටයක් වන්නේ එම්රාන් හෂිම්ගේ "රාස් රිබුට්" චිත්‍රපටය වන අතර, අනෙක වන්නේ අම්තාබ් බච්චන්ගේ "පින්ක්" චිත්‍රපටයයි.

මේ වනවිට මෙම චිත්‍රපට දෙකම ආදායම් අතින් සාර්ථක වන ලකුණු පෙන්වා ඇති අතර, ප්‍රේක්ෂක අවධානයද මෙම චිත්‍රපටයට එක සමානව ලැබී තිබෙන බව සඳහන්. "රාස් - රිබුට්" චිත්‍රපටයේ එම්රාන් හෂිම්ට අමතරව ක්‍රිති කේර්බන්ඩා හා ගෞරව් ආරෝරා රංගනයෙන් දායකව සිටින අතර, %පින්ක්^ චිත්‍රපටයේ අමිතාබ් බච්චන්ට අමතරව ටිප්සි පන්නු හා ක්‍රිති කල්හාරි රංගනයෙන් දායක වනවා.

"රාස් - රිබුට්" චිත්‍රපටය මෙන්ම "පින්ක්" චිත්‍රපටයද අත්භූත හා ත්‍රාසජනක ලේබලයෙන් නිර්මාණය වී තිබෙන අතර, දැනටමත් එහි ප්‍රචාරක පට ලක්ෂ ගණනාවක් නරඹා තිබෙන බව සඳහන් වෙනවා.