දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පිවිසුම අසල දී අයකැමි කුටියට හානි කළැයි කියන මෝටර් රියක් පොලිස් අණ නොතකා නොනවත්වා ගිය බවත් අධිවේගී මාර්ග යතුරු පැදි ධාවන පොලිසිය එම වාහනය කිලෝමීටර් 5ක් පමණ ලුහුබැඳ යද්දී කාරය සහ යතුරුපැදිය ගැටී දෙදෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් එක් යතුරුපැදිකරුවකුගේ තත්ත්වය බරපතල බවත් කඩවතින් පිටවී ගිය බව කියන කාරය අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් පොලිසිය කියයි.




