වාර්තාවක් ලබා ගැනීම සඳහා එකම අංකයෙන් ධාවනය වූ මොන්ටෙරෝ ජිප් දෙකක් රජයේ රස පරීක්ෂකට යවන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.
කොළ පැහැති මොන්ටෙරෝ රියක් ද, තද රතු පැහැති මොන්ටෙරෝ රියක් ද ජී කේ 4271 අංකයෙන් හඳුන්වා තුබූ බව පොලීසිය එම ජිප් දෙක අධිකරණයට ඉදිරිපත් කරමින් කීවේය.
පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් 2002දී ජිප් රියක් මිලට ගත් බවත්, එදා තිබූ සීමා නිසා පැවැරුම සිදු නොවූ බවත් පැමිණිලිකාර රංජන් දි සිල්වා මහතා පවසා ඇත.
එකම නොම්මරයේ අනෙක් ජිප් රිය කෝට්ටේ කාර් සේල් පොළකදී දුටු බව රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

