එකතු කළ අගය මත බදු නියෝග පාර්ලිමේන්තුවට


(අංජුල මහික වීරරත්න)

එකතු කළ අගය මත බදු පනතේ 71 වැනි වසන්තිය යටතේ වන නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සරල කරන ලද එකතු කළ අගය මත බදු යෝජනා ක්‍රමය අවලංගු කරන ලද අතර, සුදුසුකම් ලත් බදු ගෙවන්නන් හට එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම කෙටි කාලයක් තුළ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවදානම මත පදනම් වූ එකතු කළ අගය මත බදු ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර ඇත.

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 71 (4) (ආ) වගන්තිය  යටතේ වැට් බදු ආපසු ගෙවීම් කරනු ලැබිය යුතු ක්‍රමය සහ ආකාරය සම්බන්ධයෙන් නියෝග සෑදිය හැකිය.

ඒ අනුව, සාදන ලද නියෝග 2025-10-31 දිනැති අංක 2460/44 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 75 (3) වගන්තිය ප්‍රකාරව එකී නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.